Connect with us

පුවත්

තෙල් අඩු වුනාට ත්‍රිවිල් ගාස්තුවේ වෙනසක් නැහැ

Published

on

රජය විසින් ඉන්ධන මිල ගණන් පහළ දැමූවත් ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනස් වීමක් තම සංගමයට ප්‍රකාශයට පත්කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති, ලලිත් ධර්මසේකර මහතා පවසා සිටියේ, ත්‍රිවිල් ගාස්තුව එක් එක් සංගමයට ප්‍රකාශයට පත්කිරීමට නොදී රජය විසින් එය තීරණය කළ යුතු බවය.

“පෙට්‍රල් මිල අඩුකරා. ත්‍රිවිල් ගාස්තුව ඊට සාපේක්ෂව අඩුවෙන්න ඕනේ නම් කීයක් ද? කියන එක තවදුරටත් අපි කියලා වැඩක් නෑ. 

අඩුකරන්න පුළුවන්. අඩුකරන්න ඕනේ. හැබැයි ඒක අඩුකරන්න ඕනේ මහපොළොවට යථාර්ථයක් වෙන විදියට. 

ත්‍රිවිල් ගාස්තුව කීයද කියන එක දැන් නාමිකව රු 100 රු 85 කියලා තියෙනවා. මේකවත් මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. නිකන් වචනයක් කියලා වැඩක් නෑ. වගකිව යුත්තෝ කර අරින්න එපා ත්‍රිවිල් සංගම්වලට තවදුරටත් ගාස්තුව තීරණය කරන්න හැකියාවක් නෑ. ප්‍රකාශ කළත් වටිනාකමක් නෑ. මාර්ගස්ථන මගී ප්‍රවාහනයෙන් දැන් ගාස්තුවක් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න. රටටම ගැලපෙන විදියට බලය තියෙන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට. ආණ්ඩුව දැන්වත් මේ පුනරුද යුගයේ ආණ්ඩුවේ මැදිහත්වීම හරියට කරන්න.”

පුවත්

ADB සහ NIRDC අතර පර්යේෂණ වාණිජකරණය පිළිබද සාකච්ඡාවක්

Published

on

By

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නියෝජිත තකෆුමි කඩොනො (Takafumi Kadono) මහතා සහ පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයහි (NIRDC) නියෝජිතයන් අතර හමුවක් ඊයේ (20) ආසියානු සංවර්ධන බැංකු ශ්‍රී ලංකා නියෝජිතායතනයේදී පැවැත්විණි. 

පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය හා සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම්, ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති සැකසීම සඳහා මෙන්ම පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) මගින් ක්‍රියාත්මක කරන වාණිජකරණ ක්‍රියාවලිය සඳහා උපයෝගී කර ගැනීම පිළිබදව අදහස් හුවමාරු කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

මෙම හමුවට පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් බහුල සිංගප්පූරුවේ නන්‍-යැන්ග් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙහි (Nanyang Technological University) මහාචාර්ය ලර්වෙන් ලු (Professor Lerwen Liu) සහ IITM ප්‍රවර්තක් තාක්ෂණ පදනමෙහි (IITM Pravartak Technologies Foundation) නව ප්‍රවේශයන්හි (New Initiatives) ප්‍රධානියා වන රාජේන්ද්‍ර මෝතා (Rajendra Motta) යන මහත්වරුන්ද සහභාගී වූහ.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC)නියෝජනය කරමින් විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මෙන්ම NIRDC නිර්මාතෘ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය , NIRDC අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා, අධ්‍යක්ෂ (ආයෝජන) ඉඳුනිල් ගුණතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

Published

on

By

ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීමට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇත.

ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු විධිමත් ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය මේ බව අද (21) ප්‍රකාශ කර ඇත.

මීට අමතරව ඉරානයේ සිටින නේපාල ජාතිකයන්ටද මෙලෙසම සිය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත්ව සිටියි.

ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේ, අසල්වැසි රටවල් දෙකෙහිම පුරවැසියන් ඉවත්කිරීම ‘සින්ධු මෙහෙයුම’ යටතේ සිදුකරන බවයි.

Continue Reading

පුවත්

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මෙරටට

Published

on

By

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ලබන 23 වනදා සිට මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතය.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ලබන 23 වන දා සිට 26 වනදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මෙයයි.

මෙම සංචාරය අතරතුර දී මහ කොමසාරිස්වරයා , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවීමට නියමිතය.

එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුලු තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ,රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් , සිවිල් සමාජ නියෝජිතයන් ,රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

මහකොමසාරිස්වරයා මහනුවර දළදා මාළිගාවට ද ගමන් කිරීමට නියමිතය.

එහිදී අස්ගිරි සහ මල්වතු පාර්ශවයන් හි මහානාහිමිවරුන් බැහැ දැකීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම යාපනය සහ ත්‍රිකුණාමලය වෙත ද සංචාරය කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට ද අපේක්ෂිතය.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සමග ශ්‍රී ලංකා රජය අඛණ්ඩව සිදුකරන ඵලදායී සම්බන්ධතාවයට අනුව යමින් මානව හිමිකම් සහ සංහිදියාව ප්‍රවර්ධනය මෙන්ම ආරක්ෂා කිරීම කෙරෙහි මෙම සංචාරය අතරතුර දි වැඩි අවධානයක් යොමුවනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved