පුවත්

තෙල් ඇනවුම් නොකළ ෂෙඩ් 121ක ගිවිසුම් අහ‌ෝසියි?

Published

on

ඉන්ධන තොග 50% ක් පවත්වා ගැනීම සඳහා  ගිවිසුම් ප්‍රකාරව  බැඳී සිටිය දී  ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල    බලපත්‍ර සමාලෝචනයක් කර ගිවිසුම උල්ලංඝණය කළ බෙදුම්කරුවන්ගේ ගිවිසුම් අවසන් කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජෙසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

CPC & LIOC are continuing to distribute fuel islandwide & there will be sufficient fuel stocks available in all Fuel stations by Sunday. CPC is also reviewing data of fuel orders placed & stocks maintained of all fuel stations in the past week. Initial reports have identified… 

— Kanchana Wijesekera (@kanchana_wij) June 3, 2023

මේ වනවිට ඛනිජතෙල් නීතිගත සංස්ථාව  විසින් පසුගිය සතියේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඇණවුම් කරන ලද සහ පවත්වාගෙන ගිය තොග පිළිබඳ දත්ත සමාලෝචනය කරමින් සිටින බවත් දැනට හෙළිදරව් වූ කරුණු අනුව ඉන්ධන පිරවුම්හල් 121 ක් මැයි 27 සිට 31 දක්වා කාලය තුළ කිසිදු ඇනවුම් ඉදිරිපත් කර නොමැති බවත් ඇමතිවරයා හෙළිදරවු කරයි.

එමෙන්ම බොහෝ ඉන්ධනහල් අවම තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඇණවුම් ලබා දී නොමැති බව මූලික වාර්තා හඳුනාගෙන ඇති බව ද  ඇමතිවරයා කියයි.

කොන්ත්‍රාත්තුවේ කොන්දේසි ප්‍රකාරව ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 50% ක අවම තොගයක් පවත්වා ගැනීමට අවශ්‍ය වුව ද එසේ පවත්වා නොගෙන කොන්ත්‍රාත්තුවේ කොන්දේසි උල්ලංඝනය කර ඇති ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සමාලෝචනය කිරීමෙන් පසු අවසන් කරනු  ලබන බවත් ඇමතිවරයා ගේ ප්‍රකාශයේ සඳහන් වේ.

ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ  IOC සමාගම  විසින් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන අතර ඉරිදාවන විට ප්‍රමාණවත් ඉන්ධන තොග සියලුම ඉන්ධන පිරවුම්හල්වල පවතිනු ඇති  බවත් ඇමතිවරයා කියයි.

මැයි 27 වනදා සිට CPC අලෙවි නියෝජිතයින් විසින් ඇණවුම් සහ දෛනික දීප ව්‍යාප්ත ඉන්ධන මිලදී ගැනීම් සිදු නොකළ ඉන්ධන පිරවුම්හල් ලේඛනයක් ද ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇත..

Trending

Exit mobile version