Connect with us

පුවත්

තෙල් මිල ඉහළට?

Published

on

දිනෙන් දින වර්ධනය වෙමින් පවතින මැදපෙරදිග යුධ උණුසුම සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් විසින් මත පළ කරනු ලබයි.

ඔවුන් ප්‍රකාශ කරන පරිදි ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉන්ධන ප්‍රවාහන නෞකා ගමනාගමනයට බාධා කළහොත් මේ තත්ත්වය තවත් ගැටලු සහගත වනු ඇත.

මේ වනවිටද ඊශ්‍රායලය සහ ඉරානය අතර, උණුසුම මේ වනවිටත් පහළ ගොස් නොමැත.

ලොව දෛනික ඉන්ධන පරිභෝජනයෙන් 5න් 1ක් මැද පෙරදිග අපනයනකරුවන්ගෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරේ.

මේවන විට ලෝක වෙළදපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 90 මට්ටමේ පවතින අතර, යම්හෙයකින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් බොරතෙල් ඩැරලයක් ඩොලර් 130 දක්වා ඉහළ යාමේ අවධානමක්ද පවතින බව ආර්ථික විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙයි.

පුවත්

අද සිට වැසි වැඩිවේ

Published

on

By

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන්, අද (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු පළාතේත් අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

බදුල්ල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

ජනපති සමාව ලද සිරකරු පැනගිහින්

Published

on

By

රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිරදඬුවම් නියම කර සිටි අනීතික ජනාධිපති සමාව ලබා නිදහස් වූ ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි වාර්තා වේ.

ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අනුරාධපුරය පොලිස් කොට්ඨාසයේ නිලධාරීන්ද යොමුකර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඔහුගෙන් අදාළ සිදුවීම පිළිබඳ වැදගත් තොරතුරු රැසක්ම හෙළිකර ගැනීමට හැකි බවද එම නිලධාරියා කියා සිටියේය.

ඔහු අත්අඩංගුවට ගෙන ජනපති සමාව හිමිකරගත් අයුරු පිළිබඳ පුළුල් ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

Continue Reading

පුවත්

නත්තල් දවසෙත් අනීතිකව සිරකරුවන් 25ක් නිදහස් කරලා

Published

on

By

දෙදහස් විසිහතර වසරේදී නත්තල් දිනය වෙනුවෙන් ලබාදෙන ජනාධිපති පොදු සමාව යටතේද සුදුසුකම් නොලැබූ සිරකරුවන් 25 දෙනකු පමණ දිවයිනේ විවිධ බන්ධනාගාරවලින් අනීතිකව නිදහස් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

මේ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ අනුරාධපුරය බන්ධනාගාරයෙන් ජනාධිපති සමාව හිමි නොවූ පුද්ගලයකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදීය.

අධිකරණ අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ලේඛන පරීක්ෂා කිරීමේදී අදාළ සිරකරුවන් පිරිස සම්බන්ධයෙන් හෙළිවී ඇතැයි පැවසේ.

ජනාධිපතිවරයා අදාළ ලේඛන සඳහා අත්සන් තැබීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් නැවත ඒවා පරික්ෂා කිරීම නිසි ලෙස සිදු නොකිරීම හේතුකරගෙන දූෂිත නිලධාරීන් විසින් අදාළ සිරකරුවන් පිරිස නිදහස් කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් සිදුකරන බව පැවසේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved