පුවත්

තෙවැනි මහලෙන් බිළිදෙකු බිමට දමූ සැකකරු අත්අඩංගුවට

Published

on

ග්‍රෑන්ඩ්පාස් සමගි පුර මහල් නිවාස සංකීර්ණයේ තෙවැනි මහලෙන් අවුරුදු එකහාමාරක බිළිදෙකු බිමට දමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද (25) දිනයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳාගේ මවගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Trending

Exit mobile version