Connect with us

පුවත්

තේ ප්‍රවර්ධනයට බිලියන 9ක ශේෂය වියදම් කරන හැටි කියන්න කියයි

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.09.19  දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා තේ මණ්ඩලය කැඳවා තිබිණි.

මෙහිදී 2020 සහ 2021 වර්ෂය සදහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබද පරීක්ෂා කිරීම සිදුවූ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ඩී.මෙල් යන මහත්වරුන් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි. එසේම 2018 සැප්තැම්බර් 21 දින ශ්‍රී ලංකා තේ මණ්ඩලය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විමසා බැලීම සිදු විය.

මෙහිදී පහත සදහන් කරුණු පිළිබඳ අවධානය යොමුවිය.

තේ කර්මාන්ත ක්ෂේත්‍රය ආවරණය වන පරිදි කෝප් අනු කමිටුවක්
තේ කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි කෝප් අනු කමිටුවක් පත් කිරීමට මෙහිදී කෝප් කමිටුවේ සභාපතිවරයා නිර්දේශ කිරීම සිදු විය. මේ අනුව ඉදිරියේදී මෙම අනු කමිටුව සඳහා සභාපතිවරයෙකු පත් කිරීම සිදු කරන බව කෝප් කමිටු සභාපතිවරයා පැවසීය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත යොමු කළ ප්‍රශ්න සඳහා ලැබෙන පිළිතුරු ප්‍රමාණවත් නොවන බවත් මේ නිසා මෙම විගණකාධිපති වාර්තාවේ සඳහන් වන කරුණු පිළිබඳව අනු කමිටුව පත් කිරීමෙන් පසු දීර්ඝව විමසා බැලීම සිදු කරීමට බලාපොරොත්තු වන බවත් කමිටුව සඳහන් කළේය.

තේ කොමසාරිස්, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් කටයුතු කිරීම ගැන කෝප් කමිටුවේ අවධානය
තේ කොමසාරිස් තනතුරේ කටයුතු කරන පුද්ගලයාම වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කිරීම පිළිබඳ කෝප් කමිටුවේ අප්‍රසාදය පළ කළේය. මේ මගින් ලැදියාවන් අතර ගැටුමක් පෙනී යන බවද කමිටු සභාපතිවරයා සඳහන් කළේය. මෙහිදී පැමිණි නිලධාරීන් සඳහන් කළේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්‍රාම යෑම නිසා වැඩබලන තනතුර සඳහා මෙම නිලධාරියා පත් කළ බවයි. එසේම මේ සම්බන්ධයෙන් වන සම්මුඛ පරීක්ෂණය සති දෙකකින් පවත්වන බවද නිලධාරීහු සඳහන් කළේය. මේ අනුව ඉකිමනින් මෙම පුරප්පාඩුව පිරවීමට කමිටුව උපදෙස් ලබා දෙන ලදි.

කැබිනට් අනුමැතිය තිබියදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අලෙවිකරණ) තනතුරේ පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකිරීම ගැන කෝප් කමිටුවේ අවධානය
අමාත්‍ය මණ්ඩල අනුමතිය තිබියදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අලෙවිකරණ) තණතුරේ පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.විශේෂයෙන්ම මෙහිදී මෙම තනතුරද ඇතුළුව විධායක ශ්‍රේණියේ තනතුරු 4ක් සහ තවත් තනතුරු 81 ක පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම පිළිබඳ කමිටුව ප්‍රශ්න කරන ලදි.මෙහිදී පැමිණි නිලධාරීන් සඳහන් කළේ 2018 වර්ෂයේ  ශ්‍රී ලංකා තේ මණ්ඩලය කෝප් කමිටුවට කැදවූ අවස්ථාවේදී මෙම තනතුරු අවශ්‍ය නොවන බව සඳහන් කළ බවත් මේ නිසා බඳවා ගැනීමට කටයුතු නොකළ බවත්ය. මේ අනුව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ 2016 අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති මෙම තනතුරේ පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකිරීම අමාත්‍ය මණ්ඩලය පවා මගහැර කටයුතු කිරීමක් බවයි. මෙසේ අමාත්‍ය මණ්ඩල තීරණය මගහැර කටයුතු කිරීමට මෙම ආයතනයට නොහැකි බව පෙන්වා දුන්නේය. කෝප් කමිටුව දැනුවත් කිරීම මෙහිදී ප්‍රමාණවත් නොවන බවත් මෙම තනතුරු අවශ්‍ය නොවේනම් අවශ්‍ය නිවැරදි ක්‍රියාමාර්ග අනුගමණය කළ යුතු බව කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. එසේම නිලධාරීන් ලබාදෙන පිළිතුරු පිළිබඳවද මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා සිය අප්‍රසාධය පළ කළේය.

 එසේම මෙම තනතුරු පිරවීමට කටයුතු නොකර තේ ප්‍රවර්ධනය සඳහා විධිමත් බවකින් තොරව විශාල වශයෙන් මුදල් වියදම් කිරීම පිළිබඳවද මෙහිදී කමිටුවේ අප්‍රසාදය පළ විය. තවද පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ වෙළඳ දැන්වීම් සඳහා වෙළඳපොල වටිනාකම ඉක්මවමින් වෙළඳ දැන්වීම් සමාගම් සඳහා මුදල් ලබාදී ඇති බවයි. එසේම අත්තිකාරම් මුදල වෙනුවට අදාළ දැන්වීම් සකස්කිරීම සඳහා සමිපූර්ණ මුදල ලබාදීම පිළිබඳවද මෙහිදී කමිටුව ප්‍රශ්න කරන ලදි. මේ අනුව මේ පිළිබඳ සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදීමට කෝප් කමිටුව නිර්දේශ කරන ලදි.

IT පද්ධතියක් සකස් කිරීමට සැලසුම්කර තිබුණද තවමත් එය සකස් නොකිරීම ගැන කෝප් අප්‍රසාදය
පෞද්ගලික සමාගමක් සමග ඇතිකරගත් ගිවිසුමකට අනුව තේ අලෙවි මණ්ඩලය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරීමට සැලසුම්කර තිබුණද තවමත් එය සකස් නොකිරීම පිළිබඳ කමිටුවේ අප්‍රසාදය පළ විය. මේ සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ උපදේශන සේවා මත ප්‍රසම්පාදන කටයුතු සිදු කළ යුතු වුවත් රු. 53,964,995 කට පෞද්ගලික ආයතනයක් තෝරා ගැනීම පිළිබඳ මෙහිදී ප්‍රශ්න කරන ලදි. මේ අනුව මාස 18 ක කාලයක් ඇතුළත මෙම පද්ධතිය සකස් කළ යුතු වුවත් වසර 3කට ආසන්න කාලයක් ගතවුවද මෙම තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් නොකිරීම පිළිබඳ කමිටුව සිය අප්‍රසාද පළ කළේය. විශේෂයෙන්ම මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා දැනට වසර 07 ක් ගතවී ඇති වනත් කෝප් කමිටුව පෙන්වා දුන්නේය. මේ නිසා මාස තුනකින් මෙම ආයතනය නැවත කෝප් කමිටුවට කැඳවන බවත් එහිදී මේ පිළිබඳ නිවැරදි පිළිතුරක් අවශ්‍ය බවත් කමිටුව සඳහන් කරන ලදි.

තේ මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධන අරමුදලේ ශේෂය වියදම් කිරීම ගැන වාර්තාවක් කැඳවයි
ශ්‍රී ලංකා තේ මණ්ඩලය තේ ප්‍රවර්ධනය සඳහා මුදල් වියදම් කිරීම සෑහීමකට පත්විය නොහැකි බැවින් තේ මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධන අරමුදලේ ශේෂය ලෙස පවතින රුපියල් 9,869,442,652 ක මුදල වියදම් කිරීමට සැලසුම් කර ඇති ආකාරය පිළිබඳ කෝප් කමිටුවට සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස නිර්දේශ කළේය.

චක්‍රලේඛයකට පටහැනිව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් පත් කිරීම
2020 ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට පටහැනිව ක්‍රියාකිරී අධ්‍යක්ෂවරයෙක් පත් කිරීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී පනතට අනුව මේ සඳහා බලතල ඇති බව පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය. මේ අනුව මේ සම්බන්ධයෙන් මත දෙකක් පවතින බවත් මේ නිසා සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසත් කෝප් කමිටුව නිර්දේශ කළේය.

එසේම ලෝක වෙළඳපොළ තුළ සිලෝන් ටී ඉල්ලුම අවම වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර,ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවුෆ් හකීම්,  අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න,  එස්.එම් මරික්කාර්, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන්, රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ සහ  මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved