පුවත්

තෛපොංගල් දිනය අද යි

Published

on

හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන තෛපොංගල් දිනය අද (14) ට යෙදී තිබේ.

කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම, මෙම  උත්සවයේ අරමුණයි.

හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ මුල් මාසය, තෛ යි යනුවෙන් හැඳින්වෙන අතර,  පොංගල් යන්නෙහි අර්ථය උදාව යන්න ය.

ඒ අනුව නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැඳින්වේ.

නෙළාගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පුජා කිරීම මෙහි සුවිශේෂී කාර්යයකි.

ස්වභාවධර්මය සමග බද්ධව සිදු කරන පූජෝත්සව අතුරින් මෙම උත්සවයට හින්දු බැතිමතුන් ලබා දෙන්නේ ප්‍රමුඛ ස්ථානයක් වන අතර හිරු උදාවත් සමග හින්දු බැතිමතුන්   තෛපොංගල් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත්වල නිරතවනු දැකිය හැකි ය.

වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද , අලුත් උක් ගසකින් ගත් පැණි ද , එළකිරි යෙදු කිරිබත් ද , මංගල ද්‍රව්‍යයක් ලෙස කහ පිඩක් ද  හිරු දෙවියන්ට පූජා කිරීම තෛපොංගල් උත්සවයේ මුලික චාරිත්‍ර කිහිපයකි.

Trending

Exit mobile version