තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර තිබේ.
උපාලි අබේරත්න මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ දේශපාලන පළිගැනීම් සොයන ජනාධිපති කොමිසමේ සභාපතිවරයාද වේ.
ඔහු තොරතුරු කොමිසමට පත්කිරීම ඒ දිනවල දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කලේය.
දේශපාලන පළිගැනීම් කොමිසමේ තීන්දු ලබා දෙමින් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සහ ශානි අබේසේකර ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස ද ජනාධිපතිට නිර්දේශ කර තිබුණි.
එම දේශපාලන පළිගැනීම් කොමිසම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් හඳුන්වනු ලැබුවේ “පිස්සු පූසා කොමිසම” ලෙසය.