පුවත්

දංගෙඩියට බෙල්ල තියන්න ආවේ රනිල් පොහොට්ටු අපේක්ෂකත්වය එයාට තමයි – ප්‍රසන්න

Published

on

“කවුරු කොහොම කිව්වත් අපිට සිද්ධවෙනව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට උදවු කරන්න. මොකද එතුමා විතරයි දංගෙඩියට බෙල්ල තියන්න ඉස්සරහට ආවේ. තමුන්නාසේලා ඒ ඇත්ත ගමේ මිනිස්සුන්ට කියන්න” යැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ  පසුගිය බදාදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටු) රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාගේ කාර්යාලයට ගොඩවැදී එහි සිටි හිටපු පළාත් පාලන මන්ත්‍රිවරුන් සමඟ පැවැති කතාබහකදීය.

තනියෙන් එන අපේක්ෂකයකුට ජයගත නොහැකි බවත්, මෑත කාලීනව ජනාධිපතිවරු බිහිවුණේ සන්ධාන ආණ්ඩුවලින් බවත්, මෙවරද දිනන්නේ සන්ධානයකින් එන නායකයෙක් බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

එහිදී පක්ෂයේ මතය මොකක්දැයි ඇසූ අකිලට ඇමති ප්‍රසන්න පවසා ඇත්තේ “මගේ පුද්ගලික මතය මේ ජනාධිපතිතුමාට තවත් අවස්ථාවක් දෙන්න ඕන කියන එක. මොකද මේ වෙලාවෙ විශ්වාස කරන්න පුළුවන් මෙතුමා ගැන විතරයි. මේ වෙලාවේ අපේ පක්ෂයේ වෙනත් අයකුට ඉඩ නෑ ” යැයි පවසා ඇත.

මේ අතර, ජනපතිවරණයට පැමිණෙන බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ලබන මාර්තු 31 වැනිදා පහුවෙන තෙක් බොහෝ අපේක්ෂකයන් බලා සිටින බවද පැවසේ.

ඒ ජෝතිෂ්‍යට අනුව මාර්තු 31 පසුව රවි මාරුවක් සිදුවන නිසා බවද පැවසේ.

මූලාශ්‍රය – සිළුමිණ

Trending

Exit mobile version