පුවත්

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් දෙදෙනෙක් මරුට, 5කට තුවාල

Published

on

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (21) අළුයම සිදුවූ අනතුරකින් පුද්ගල‍යින් දෙදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව ආසන්නයේදී අද (21) අලුයම 1.15ට පමණ වෑන් රථයක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වී නැවත නිවස බලා යමින් සිටි පිරිසකි.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ 62 හැවිරිදි පිරිමි පුද්ගයෙකු, සහ තවත් කාන්තාවක් මියගොස් ඇති අතර කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

Trending

Exit mobile version