Connect with us

පුවත්

දක්ෂිණ අධිවේගයේ Rest Area එක අවුරුදු 99කට බදු දීලා තියෙන්නේ රුපියල් 10,000 කට

Published

on

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රුපියල් බිලියන ගණනාවක මුදල් නාස්ති කර ඇතිබව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදි පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් ආකෘතියේ නැති අන්තර් හුවමාරු දෙකක් කපුදූවේ සහ බැදිගම යන ප්‍රදේශවල ඉදිකර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

මෙවැනි එක් අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කෝටි 100ක් වැනි මුදලක් වැයවන බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

“මේ අන්තර් හුවමාරු තමන්ගේ ගෙවල්වලට යන්න හදාගෙන තිබෙනවා ….දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබෙන්නේ එකම එක Rest Area එකයි. එම Rest Area එක අවුරුදු 99කට, රුපියල් 10,000කට බදු අරන් තිබෙන්නේ.”

පුවත්

RMV නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු සැකකරුවන්  තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 40 කට ආසන්න මුදලක් සන්තකයේ තබාගත් බවට සැකපිට අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගර කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ජුලි මස 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගර කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (20) මෙම නියෝගය නිකුත් කළාය.

බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් මෙම සැකකරුවන් සන්තකයේ තිබූ බවට අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ පවසා සිටින ලදී.

Continue Reading

පුවත්

කෙහෙළියගේ දියණියට ඇප

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියක වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (20) බන්ධනාගාර භාරයෙන් මුදාහරිනු ලැබීය.

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු හා හා බෑනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව එක් එක් සැකකරු රුපියල් 50, 000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමට අධිකරණය නියම කළේය.

කෙසේ වෙතත් එහිදී චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ලට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඇයව අද දිනය දක්වා බන්ධනාගාර භාරයේ සිටියාය.

Continue Reading

පුවත්

ඍජු විදේශ අයෝජනවල  90%ක වැඩිවීමක්

Published

on

By

 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී තිබේ.

අද (20) පෙරවරුවේ  ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචනයේදී මේ බව අනාවරණය වී ඇත.

එමෙන්ම 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින්ද, අපනයන ආදායම ඩොලර් මිලයන 176කින්ද වර්ධනය වී ඇති බවත්, 2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4,669ක විදේශ ආයෝජන ලබා ගැනීමට හැකි වී තිබෙන බවත්, අයෝජන මණ්ඩලයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

මෙරටට ආයෝජන කැඳවා ගැනීමේදී මුහුණ දෙන ගැටලු, අභියෝග සහ ඊට ගත හැකි විසඳුම් පිළිබඳවද මෙම රැස්වීමේදී අවධානය යොමු කර තිබේ.

මෙහිදි අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රටේ ආර්ථිකය සහ ග්‍රාමීය ජන ජීවිතය ඉහළ තලයකට ඔසවා තැබීමේ කාර්යයෙහි විශාල වැඩ කොටසක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැවරී ඇති බවයි.

සාම්ප්‍රදායික ආයෝජන ක්ෂේත්‍ර කෙරෙහි ආයෝජන කැඳවා ගැනීමේ හැකියාව සීමා සහිත බැවින්, රටක් ලෙස නව ආයෝජන ක්ෂේත්‍ර හඳුනා ගත යුතුව ඇති බවත්, එහි වගකීම ආයෝජන මණ්ඩලයට පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව,1978 වසරේ සිට මේ දක්වා උපයා ගැනීමට සමත් ව ඇත්තේ ඩොලර් බිලියන 22කට ආසන්න ආයෝජන ප්‍රමාණයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කලාපයේ සෙසු රටවල් සමඟ සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව වේගයෙන් ඉදිරියට ගමන් කළ යුතුව තිබෙන බවත්, වියට්නාමය 2022 වසර තුළදී පමණක් ඩොලර් බිලියන 23ක ආයෝජන ඉලක්කයකට ළඟා වී ඇති බවත් පෙන්වා දී තිබේ.

ආයෝජන දිශාගත කිරීමේදී සේවා අංශයේ ආයෝජන වැඩි කිරීමට අවධානය යොමු කරන ලෙසත් මඟහැරුණු අවස්ථා හඹා යාමෙන් ඔබ්බට ගොස් නව ආයෝජන අවස්ථා සොයා ගැනීම ආයෝජන මණ්ඩලයේ අරමුණ විය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, ආයෝජන මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් යන මහත්ම මහත්මිහු ඇතුළු ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved