දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇත.
මෙලෙස පස් කන්ද කඩා වැටී ඇත්තේ ඉමදූව සහ පින්නදූව අන්තර් හුවමාරුව අතර කිලෝමීටර් 102 කණුව ආසන්නයේදීය.
මෙයින් මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉමදූවෙන් පිටවී කොළඹ දෙසට යන විට නැවත පින්නදූවෙන් ඇතුළු වන ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය රියදුරන්ට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.