පුවත්

දකුණු කොරියානු විපක්ෂ නායකට පිහි ප්‍රහාරයක්

Published

on

දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියන්ග් එරට බූසාන් නගරයේදී පිහි ඇනුමකට ලක්ව බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

ඔහුගේ තත්ත්වය බරපතළ බවත්, ඔහු මෙලෙස පිහිඇනුමට ලක්ව ඇත්තේ මාධ්‍ය හමුවක් අතරතුරදීය.

රෝහල්ගත කරන විට ඔහු සිහි මද තත්ත්වයෙන් පසුවූ බවද පැවසේ.

ප්‍රහාරය සිදුකළ වයස අවුරුදු 50ත් 60ත් අතර පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

ඔහු අත්සනක් ලබාගැනීමේ මුවාවෙන් විපක්ෂ නායකවරයා වෙත පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.

2022 පැවති ජනාධිපතිවරණයේදී ප්‍රබල භූමිකාවක් ඉසිලූ ලී ජේ මියන්ග් එහිදී පරාජයට පත්වූයේ සීමිත ඡන්ද සංඛ්‍යාවකිනි.

Trending

Exit mobile version