දකුණු පළාතේ පාතාල ක්‍රියාකරම් හා අපරාධ මැඩලීම සඳහා විශේෂ පුහුණුව සහිත පොලිස් කණ්ඩායම් 30ක් යෙදවීමට කටයුතු කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන විට හා අපරාධයක් සිදුවූ විට ක්ෂණිකව ක්‍රියාත්මක විය හැකි වන පරිදි මිරිස්ස ප්‍රදේශයේ පිහිටුවා තිබූ මාතර අපරාධ කොට්ඨාසයේ මෙහෙයුම් කටයුතු මාතර ඉසදින් නගරයේ අද (29) ස්ථාපනය කරන ලදී.
සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ මෙම විශේෂ පොලිස් ඒකකය පිහිටුවා ඇති අතර ඒ සඳහා පොලිස් නිල සුනඛ ඒකකයක්ද, විශේෂ පුහුණුව ලත් ප්‍රහාරක පොලිස් ඒකකයක් අනුයුක්තව තිබිම විශේෂත්වයකි.