තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් මියගොස් ඇත්තේ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙකු බව පොලිසිය පවසයි.
අද පෙරවරු 8.30ත් 8.40ත් අතර කාලයේ දී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් ආහාර ගැනීම සඳහා අදාල වෙළෙඳසැලට පැමිණි අවස්ථාවේ කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකර තිබේ.
පොලිසිය ප්‍රකාශ කළේ අදාළ වෙඩිතැබීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු එම ස්ථානයේම මියගිය අතර, එක් පුද්ගලයෙකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.
(පෙර පුවත 2024 ජනවාරි 22, පෙරවරු 10:10)_______________________
දකුණේ තවත් වෙඩි තැබීමකින් 05ක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ල, බෙලිඅත්ත පිවිසුම අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අද (22) උදැසන 7.45ට පමණ සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු ඉලක්ක කර, කොළ පැහැති ප්‍රඩෝ වර්ගයේ කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.
මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.