Connect with us

පුවත්

දකුණේ රේඩාර් මධ්‍යස්ථානයක් හදන්න චීනය අවසර ඉල්ලා නෑ – සබ්‍රි

Published

on

දකුණු පළාතේ රේඩාර් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා චීනය විසින් ඉල්ලීමක් සිදුකර නැතැයි විදේශ කටයුතු අමාත්‍ය – අලී සබ්‍රි මහතා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ TV දෙරණ විසින් විකාශය කළ 360° වැඩසටහනේදී මෙවැනි අවසරයක් චීනයට ලබාදී ඇතිදැයි නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමිනි.

“විදේශ කටයුතු අමාත්‍යංශයෙන් මං හොයලා බැලුවා එහෙම ඉල්ලීමක් කරලත් නෑ. ඒ හින්දා අපි එහෙම එකක් ලබාදීලා නෑ කියන එක තමයි මට මේ වෙලාවෙදි කියන්න තියෙන්නෙ,” යැයි ඔහු පැවසීය.

කෙසේවෙතත්, පසුගියදා විදෙස් වාර්තා සඳහන් කර තිබුණේ චීනය විසින් මෙරට දෙවුන්දර තුඩුවේ රේඩාර් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි.

මෙම රේඩාර් කඳවුර මඟින් චීනයට දකුණු ඉන්දියාවේ ඉන්දියාවේ උපාය මාර්ගික වත්කම්, ඉන්දීය සාගර කලාපයේ ඉන්දීය නාවික හමුදාවේ ක්‍රියාකාරකම් සහ ඩියාගෝ ගාර්ෂියා හි එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි බව ඉන්දියාවේ ‘ඉකොනොමික් ටයිම්ස්’ විසින් පළ කළ පුවත් වාර්තාවේ දැක්වුණි.

ඉන්දියාවේ ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථාන ලෙස සැළකෙන කූඩන්කුලම් සහ කල්පක්කම් න්‍යෂ්ටික බලාගාර සහ එම මධ්‍යස්ථානවලට ඉන්ධන සැපයීමද මෙම කඳවුරේ ස්ථාපනය කෙරෙන රේඩාර් පද්ධති මගින් චීනයට නිරීක්ෂණය කළ හැකි බවද එමගින් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved