Connect with us

පුවත්

දඩ කොළ ඔන්ලයින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක්

Published

on

රථ වාහන වැරදි සම්බන්ධයෙන්  රියදුරන්ට නිකුත් කරන දඩ කොළ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා නියමු ව්‍යාපෘතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් පියවර ගෙන තිබේ.

රජය විසින් හඳුන්වාදී තිබෙන GovPay ඇප් එක හරහා මෙම ගෙවීම් සිදුකළ හැකිය.

කුරුණෑගල සිට අනුරාධපුර දක්වා මාර්ගයේ ස්ථාන 11කදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

මේ මස 30 වනදා දක්වා එය ක්‍රියාත්මක බව මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම හඳුන්වාදීම පසුගිය පෙබරවාරි 7 වනදා සිදුකළේය.

පුවත්

“සිරි දළදා වන්දනාව” ආරාධනා පත්‍රය ගැන පැහැදිලි කිරීමක්

Published

on

By

සිරි දළදා වන්දනාවට අදාළව විශේෂ ආරාධිත අමුත්තන් වෙත කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කරන නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එලෙස හැඟෙන පරිදි ලෙස නිර්මාණය කරන ලද අදාළ ආකෘතිය ව්‍යාජ බව ඒ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුම් සිරි දළදා වන්දනාවේ පූජනීයත්වය සුරකෙන පරිදි කටයුතු කරන මෙන් සියලු පාර්ශවයන්ගෙන් රජය ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

“ සිරි දළදා වන්දනාව” (සජීවී විකාශය)

Published

on

By


සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

අනතුරුව හෙට (19) දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එහි සජීවී විකාශය,

Continue Reading

පුවත්

පනතක් අවලංගු කිරීම සඳහා කෙටුම්පතක් ගැසට් කෙරේ

Published

on

By

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

ඊට අදාළ නිවේදනය,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved