ශ්‍රී ලංකාවේ නව දත්ත ආරක්ෂණ අධිකාරිය සම්බන්ධ අතිවිශෙෂ ගැසට් නිවේදනයක් තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ.
2022 අංක 09 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ V වැනි කොටසේ විධිවිධාන ක්‍රියාත්මක විය යුතු දිනය ලෙස ජූලි 17 දිනය නියම කරන බව මෙම ගැසට් නිවේදනයේ දැක්වේ.
මෙම පනතේ V වැනි කොටසේ සඳහන් වන්නේ දත්ත ආරක්ෂණ අධිකාරිය සම්බන්ධවයි.
අදාල සම්පූර්ණ ගැසට් නිවේදනය මෙසේය :