පුවත්

දන්සැල් වලට උපදෙස්

Published

on

පොසොන් පොහොය වෙනුවෙන් දන්සැල් 4,600කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ ලියාපදිංචි වී තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඔහු පවසන්නේ කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් දන්සැලක් සංවිධානය කරනවා නම්, ලඟම තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි වී අවශ්‍ය උපදෙස් සහ සහාය ලබාගත යුතු බවය.

කෙසේ නමුත් පවත්වන සෑම දන්සැලක්ම දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 367ම ආවරණය වන පරිදි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 2,800කට ආසන්න සංඛ්‍යාවක් විසින් පරීක්ෂාවට ලක්කරන බවත් හෙතෙම පවසයි.

මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ඉලක්ක කරගනිමින් පවත්වන දන්සල් මෙන්ම තාවකාලික හා ස්ථීර ආහාර අලෙවිකරන ස්ථානද දැඩි පරීක්ෂාවට ලක්කිරීමට පියවරගෙන ඇත.

අනුරාධපුර‌ නගර සභා සීමාවේ පවත්වන සියලු දන්සැල් අනුරාධපුර නගර සභාවේ ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, මේ දක්වා දන්සල් 150කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබේ.

Trending

Exit mobile version