පුවත්

දමිතා සහ සැමියා තවදුරටත් රිමාන්ඩ් (Update)

Published

on

මුල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (17) උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔවුන්  රැගෙන ආ අතර එහිදී අධිකරණය විසින් මෙම අඹුසැමි යුවළ ලබන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී.

අදාළ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන අතරතුරදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසු අප්‍රේල් මාසයේදී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

(පෙර පුවත 2024 අප්‍රේල් 17, ප.ව.12:53)

දමිතා අධිකරණය වෙත

මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පිනි දමිතා අබේරත්න හා ඇගේ සැමියා අද (17) උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

ඉකුත් 05 වැනි දා අධිකරණය විසින් රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන ලදී.

පසුගිය දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලද්දේ,  කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාළව ය.

Trending

Exit mobile version