පුවත්

දමිතා – ජොන්සන් යුවල අල්ල ගන්න CIDයට තාමත් බැරිවෙලා

Published

on

රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් වංචා කිරීමේ සිද්ධි­යක්  සම්බ­න්ධ­යෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අ­ඩං­ගු­වට ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මෙතෙක් නොහැකි වී ඇතැයි  “දිනමිණ” පුවත්පත වාර්තා කර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මීට දින 6කට ඉහත දී ඉකුත් (27) රාත්‍රී බොර­ලැ­ස්ග­මුව පැපි­ලි­යාන දමිතා  අබේ­රත්න මහ­ත්මි­යගේ  නිව­සට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ගියද ඔවුන් දෙදෙනා ඒ වන විටත් නිව­සින් පිටව ගොස් සිටි බවයි.

කොරි­යා­වට යවන බව පවසා රුපි­යල් ලක්ෂ තිහක මුද­ලක් වංචා කර ඇති බවට ඔවුන්ට එරෙ­හිව චෝදනා ගොනු කර තිබිණි.

ඉකුත් (27) වැනි­දින ඔවුන් ඉදි­රි­පත් කළ අපේ­ක්ෂිත ඇප අය­දුම් පත මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රති­ක්ෂේප කිරී­මත් සම­ඟම දමිතා අබේ­රත්න යුවළ අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශයේ විශේෂ පොලි­ස්‌ ­ක­ණ්ඩා­ය­මක් බොර­ලැ­ස්ග­මුව පැපි­ලි­යාන නිව­සට ගොස් තිබිණි.

නමුත්  ඔවුන් දෙදෙනා නිවසේ සිට නොමැත. 

දමිතා අබේ­රත්න මහ­ත්මි­යගේ මව පම­ණක් නිවසේ සිට ඇත. 

කෙසේවුවද, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ඇයගේ නිවස ආස­න්නයේ (27) වැනිදා රාත්‍රී සිට පසු­දින දහ­වල් වන තෙක් රැඳී සිට අන­තු­රුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙත පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

Trending

Exit mobile version