පුවත්

දමිතා හා සැමියා CID අත්අඩංගුවට

Published

on

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මුදල් වංචාවකට අදාළව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හරිමින් සිටියදීය.

අද (04) දහවල් දමිතා අබේරත්න සහ ඇගේ සැමියා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබුණි.

එහිදී අදහස් දැක්වු දමිතා අබේරත්න මහත්මිය,

“මම හැංගුනේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකන්නි ක්‍රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. ඔය පොහොට්ටුව ඇතුළු දේශබන්දු මේ සිඟිති ආතල් එක ගන්න. මමත් අවුරුදු සමරනවා හිරගෙදර.”

(අදදෙරණ)

Trending

Exit mobile version