ඉන්දියාවේ දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන පුද්ගලයන් හැකි සෑම අවස්ථාවකම මුව ආවරණ පළඳින ලෙස වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
විදේශ සංචාරවලදී අසනීප තත්වයක් ඇති වුවහොත් වහා වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවද ඔහු පෙන්වා දෙයි.
මේ අතර රටේ කොව්ඩ් තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතා පවසන්නේ රට පුරා විවිධ ප්‍රදේශවලින් ජෛව පටල නියැදි ලබාගෙන මේවන විට ඒවා පරීක්ෂා කරගෙන යන බවයි.
නව වයිරස ප්‍රභේදයේ පැතිරීම ගැන ඒ අනුව ඉදිරියේදී දැනගත හැකි වනු ඇතැයිද ඔහු කියා සිටී.
එසේම කොව්ඩ් පිළිබඳ ආවේක්ෂණ කටයුතු රට පුරා කරගෙන යන බවද ඔහු පවසයි.
කොව්ඩ් දැන් මතු වන්නේ සෙම්ප්‍රතික්ෂාව වැනි පොඩි අසනීපයක් විදියට බවත් එවැනි අවස්ථාවලදී පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් නැති බවද ඔහු අවධාරණය කර සිටී.
කොවිඩ් ජාන විශ්ලේෂණ අවසාන පරීක්ෂණයේදී නව ප්‍රභේදය තිබී හමුවී නැතැයිද ඔහු සදහන් කරයි.
මූලාශ්‍රය – අරුණ