පුවත්

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු යළි රිමාන්ඩ්

Published

on

ලබන මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2024) ක්‍රිකට් තරඟාවලියේදී තරඟ පාවාදීමට බලපෑම් කළේ යැයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහුමාන් ලබන 07 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (31) නියෝග කලේය.

සැකකරු තරඟ පාවාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ සම්පූර්ණ දුරකථන සංවාදය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කරන ලදී.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අධිකරණ නියෝග පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදේශ ගතවීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය 22 දින සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි

සබැඳි පුවත්:

Trending

Exit mobile version