Connect with us

පුවත්

දයාගේ පවුල, කරන්නාගොඩ, සාලින්ද, අරුන්දික රජයේ ඉඩම් හා මුදල් ගිල්ල ලැයිස්තුවේ

Published

on

දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන්  රැසක් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් පසුගිය කාලයේදී  රුපියල් කෝටි ගණනින්  මුදල් සහ රජයේ  ඉඩම් ලබාගෙන කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකර පෞද්ගලිකව  පරිහරණය කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍ය  සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී   පැවසීය.

ඒ සම්බන්ධයෙන්  විමර්ශනයක්  පවත්වන බවද ඔහු කීවේය.    

හිටපු අමාත්‍යවරයකු වන සාලින්ද දිසානායක මහතා කුරුණෑගල වැවිලි සමාගමේ සාරවත් ඉඩම් අක්කර 76ක් ඔහු  පෞද්ගලිකව පිහිටුවා ගත් සමාගමකට පවරාගෙන තිබෙනවා.

හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ හිතවතෙකුට කුරුණෑගල වැවිලි සමාගමේ සාරවත් ඉඩම් අක්කර 21 නිසරු ඉඩම් බව පවසා ලබාදී ඇති බවත් ඊට අත්සන් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ මහතාගේ බිරිඳ අනෝමා ගමගේ මහත්මිය කෘෂි ව්‍යාපෘතියකට යැයි පවසමින් ලක්ෂ එකසිය හතළිහක් ලබාගෙන ඇතත්  කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නැතැයිද  අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.

හිටපු නාවික හමුදාපති වසන්ත වසන්ත කරන්නාගොඩ මහතාට වගා ව්‍යාපෘතියක් කිරීමට රුපියල් ලක්ෂ එකසිය අසූවක් ලබා දී ඇති බව පැවසූ සමන්ත විද්‍යාරත්න මහතා වගා  ව්‍යාපෘතියක්  සදහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන බන්දුල වික්‍රමාරච්චි මහතාගේ පුත්‍රයාගේ නමට ලක්ෂ අසූ දෙකක් ලබාදී  ඇති බවද කීවේය.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved