Connect with us

පුවත්

දයාසිරි කුරුණෑගලට ඇද්ද සංවත්සරේ ආයතේ කොළඹට කැරකිලා

Published

on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය කොළඹ දී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ජයවර්ධනපුර කොට්ටේ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක එම සමුළුව පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ මුලිකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙවර කුරුණෑගල හෙට්ටිපොළ ප්‍රදේශයේ දී නිදහස් පක්ෂ සංවත්සරය පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගෙන සිටින නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර වැනි අමාත්‍යවරුන් ඊට පුර්ණ සහයෝගය ලබාදී ඇති නමුත් මේ වන විට සංවත්සරය කොළඹ දී පැවැත්වීමට තීරණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 72 වන සංවත්සරයේ දී මහ ලේකම් ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවත් එම ධුරය ආණ්ඩුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් කළ හැකි පුද්ගලයෙකුට ලැබෙනු ඇති බව ද වාර්තා වේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved