පුවත්

දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත් වේ

Published

on

දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙන් ගයන්ත කරුණාතිලක මහතා ඉවත් වී තිබේ.

අද (06) දිනයට අදාළ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා වෙනුවට නීතිඥ රවුෆ් හකීම් මහතා පත්කළ බව ද කථානායකවරයා දන්වා සිටියේය.

ඉකුත් මැයි 20වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කර තිබුණි.

මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය කටයුතු කරන අතර, අනෙක් සාමාජිකයා වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාය.

Trending

Exit mobile version