Connect with us

පුවත්

දර්ශන හඳුන්ගොඩට වාරණයක්

Published

on

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් වරයකුට හා රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූ ටියුබ් නාලිකාව හරහා විකාශය කිරීම වළක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් නිකුත් කළේය.

අදාළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඇතුලු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් මෙම වාරණ නියෝග නිකුත් කළේය.

අදාළ වාරණ නියෝගය ලබන 10 වන දක්වා බලපැවැත්වෙන බවත් අධිකරණය සඳහන් කළේය.

මේ දිනවල දැඩි මතභේදයට තුඩු දී තිබෙන එස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සම්බන්ධයෙන් අසත්‍ය කරුණු යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීමද මෙම වාරණ නියෝගය තුළින් තහනම් කර තිබේ.

පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු විසින් පසුගිය 20 වැනි දින අදාළ අසත්‍ය තොරතුරු සහිත වීඩියෝවක් යූ ටියුබ් නාලිකාවේ විකාශය කර ඇති බවය.

ඒ තුළින් සිය සේවාදායකයින් ට වැඩි අපහාසයක් සහ අගතියක් සිදු වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එසේ අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම තුළින් පැමිණිලිකරුවන්ට සිදු වූ  අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක හා රුපියල් මිලියන 500 බැගින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා මෙම පැමිණිලි දෙක මගින් ඉදිරිපත් කර තිබේ.

(අද දෙරණ)

කැබිනට් තීරණ

අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනයක්

Published

on

By

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළ ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක අරමුදල් සලසා දීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟතාව පළ කර ඇත.

ජනාධිපතිතුමා විසින් මේ වසරේ ජනවාරි මාසයේ චීනයේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට එළඹ ඇත.

ඒ අනුව, එම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල් 500ක් සහ ආදර්ශ සුහුරු පන්ති කාමරයක් සඳහා අවශ්‍ය වන උපාංග යෝජිත ව්‍යාපෘතිය මඟින් ලබා දීමටත්, එම ව්‍යාපෘතිය යටතේ වන ජාල මෙහෙයුම් කළමනාකරණ ඒකකය, වැඩසටහන් මෙහෙයුම් මැදිරිය සහ සම්මන්ත්‍රණ කාමරය ‘ඉසුරුපාය’ පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading

කැබිනට් තීරණ

අධිවේගයට නව අධි සුඛෝපභෝගී බස්  200ක්

Published

on

By

අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය බස් රථ ඇණියෙන් 52%කට ආසන්න ප්‍රමාණයක් සහ සුඛෝපභෝගී බස් රථ ඇණියෙන් 94%කට ආසන්න ප්‍රමාණයක් ආර්ථික ආයු කාලය ඉක්මවා ගොස් ඇති බැවින්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) බස් රථ ඇණියට නව බස් රථ හඳුන්වා දීමේ හදිසි අවශ්‍යතාවක් පවතී.

අධිවේගී මාර්ගවල මගී ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බස් රථ නොමැතිකම හමුවේ ශ්‍රී ලංගම විසින් දැනට පෞද්ගලික අංශයට අයත් සුඛෝපභෝගී බස් රථ 61ක් ලාභ බෙදා ගැනීමේ පදනම මත ධාවනයේ යොදවනු ලබයි.

අධිවේගී මාර්ග සඳහා අධි සුඛෝපභෝගී බස් රථ 200ක් තම අරමුදල් යොදා ගනිමින් මිල දී ගැනීමට ශ්‍රී ලංගමය විසින් තීරණය කර ඇත.

ඒ අනුව, මූල්‍ය හැකියාව ඇති ඩිපෝ මඟින් අධි සුඛෝපභෝගී බස් රථ 29ක් ඍජුවම මිල දී ගැනීමටත්, ශ්‍රී ලංගමයේ අරමුදල් භාවිත කරමින් මූලික ගෙවීම් සිදු කර, ඉතිරි මුදල වසර 05ක් තුළ මාසික වාරික වශයෙන් උපයන ආදායමෙන් ගෙවීම හරහා සෙසු බස් රථ ප්‍රමාණය මිල දී ගැනීමටත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

පෙරේදා (23) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත : පෙරවරු11.57 – 2025/06/25 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (25) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-25

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-25

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 24, 2025

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved