Connect with us

පුවත්

දරුවන්ට ආලෝකය දෙන්න හැදූ මාතර පාසල් 22ක් අඳුරේ

Published

on

හිඟ විදුලි බිල්පත් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මාතර කලාපයේ පාසල් 22ක පමණ විදුලි සැපයුම ඊයේ (19) සිට තාවකාලිකව විසන්ධි කොට ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

අදාළ හිඟ විදුලි බිල්පත් සඳහා ලක්ෂ විසිපහක් පමණ මුදලක් ගෙවීමට ඇති බවත්, හිඟ බිල්පත් ගෙවීමට කලාප අධ්‍යාපන කාර්යාලයට මුදල් නොමැති වීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව හෙතෙම පැවසීය.

මෙය සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණයක් බවත් එමඟින් බලාපොරොත්තු වන්නේ දරුවන්ගේ දෙමව්පියන් ලවා විදුලි බිල්පත් ගෙවා දැමීමට බවත් මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා;

“කණගාටුවට කරුණ තමයි මේ විදුලිය කපන අමාත්‍ය කාංචන විජේසේකර ඉන්නෙත් මාතර එයාගේ බල ප්‍රදේශය තමයි විදුලිය විසන්ධි කරලා තියෙන්නේ. මාතර කොටුව ජනාධිපති විද්‍යාලය, උයන්වත්ත ආදර්ශ විද්‍යාලය ,මහමායා බාලිකා විද්‍යාලය, ඇතුළු විද්‍යාලවල මේ වන විට වර්ෂ අවසානයේ නොයෙකුත් උත්සව සහ සංස්කෘතික සංදර්ශන ඇතුළු නොයෙකුත් වැඩසටහන් පැවැත්වෙනවා. එම කටයුතු මේ වන විට අඩාල වෙලා .දැනට රටේ ජනතාවගේ ලක්ෂ හතකගේ විදුලිය විසන්ධි කරලා .පාසල් වලට අත තියලා තියෙන්නේ කුමන්ත්‍රණකාරීව රජයේ වගකීමක් බිල්පත් ගෙවීම රජය බිල්පත් ගෙව්වෙ නැත්නම් රජයෙන් ඉල්ල ගන්නවා මිසක පාසලේ විදුලිය විසන්ධි කරලා හරියනවද? මේ සම්බන්ධයෙන් පිළියමක් නොදුන්නොත් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්න සැරසෙනවා”

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved