පුවත්

දරුවන් ප්‍රාණ ඇපයට ගත් පියා රක්ෂිත බන්ධනාගාරයට

Published

on

ඊයේ  (05) රාත්‍රී කාලයේ හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක් ද රැගෙන සිය නිවස වෙත පැමිණ ඇති බව සඳහන් ය.

එම අවස්ථාවේ දී කාන්තාව නිවසින් පළාගොස් ඇති අතර අදාළ පුද්ගලයා විසින් ඔහුගේ දරුවන් දෙදෙනා නිවසේ කාමරයක ප්‍රාණ ඇපයට තබාගෙන සිට තිබේ.

මෙලෙස ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ වයස අවුරුදු 10ක දැරියක් සහ වයස අවුරුදු 2 ක කුඩා පිරිමි ළමයෙකි.

මේ පිළිබඳ ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු හංවැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර,

පැයකට ආසන්න  කාලයකින්  පසුව දරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකියාව ලැබී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දරුවන්ගේ පියා මැයි 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සිදුවූ අතර ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version