පුවත්

දරු ඵල ලබන්න බෙහෙත් ගත් කත මියයයි

Published

on

මින්නේරිය පොලිස් වසමට අයත් ගිරිතලේ ප්‍රදේශයේ දී කාන්තාවකට විරේක බෙහෙතක් ලබාදීමෙන් පසු ඇතිවු ක්ලාන්ත තත්ත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 23ක් වූ දියකැපිල්ල, සීගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අදාළ කාන්තාව ජයන්තිපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එලෙස මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත.

ගිරිතලේ ප්‍රදේශයේ සිංහල බෙහෙත් හා දේවාල කටයුතු පවත්වාගෙන යනු ලබන ස්ථානයකින් ප්‍රතිකාර ලබාගැනීමට මෙම කාන්තාව සිව මව සමග ගොස් ඇත්තේ තමාට දරු ඵල නොමැති වීම හේතුවෙනි.

පසුව එම ස්ථානයේ සිටි වෙඳදුරු කාන්තාවක් විසින් නියම කරන ලද බෙහෙත් වට්ටෝරුවකට අදාළ විරේක බෙහෙතක් දින තුනක සිට පානය කිරීමෙන් අනතුරුව ඇති වු ක්ලාන්ත තත්ත්වය මත එලෙස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහෙස්ත්‍රාත් පරීක්ණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය පොළොන්නරුව මහා රෝහලේ තැන්පත් කර ඇත.

Trending

Exit mobile version