Connect with us

පුවත්

දළදා මාලිගාව තුළ ජායාරූප ගැනීමේ තහනම; මහින්ද, ගෝඨා, දෑල පිංතූර ගත්තෙ කොහොමද?

Published

on

ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වැනි ඓතිහාසික වටිනාකමකින් යුත් සිතුවම් අන්තර්ගත වන බෞද්ධ සිද්ධස්ථාන තුළ ඡායාරූප ගැනීම තහනම් කර ඇත්තේ, ඒ සඳහා භාවිත කරන ආලෝක ධාරා මගින් සිතුවම්වලට හානි වන නිසා යැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී සමරසිංහ මහතා කියා සිටී.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා ඇත්තේ පුරාවිද්‍යාත්මක අවශ්‍යතා වෙනුවෙන් එවැනි ස්ථානවල ඡායාරූප ගැනීමේදී ඒ සඳහා ආලෝකය අඩු කෙරෙන විශේෂිත ෆිල්ටර් යෙදූ කැමරා භාවිත කරන බවයි.

එසේ නොවුණහොත් එම ආලෝක ධාරාවලින්, ස්වභාවික අමුද්‍රව්‍යවලින් සිතුවම් කර ඇති චිත්‍රවලට වන හානි අති විශාල බවත්, හෙතෙම කියා සිටී.

දළඳා මාලිගාව තුළ ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුරාවිද්‍යා ආඥා පනත යටතේ ඇති බලතල අනුව ක්‍රියාත්මක විය හැකි අතර ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවද මහාචාර්ය ගාමිණී සමරසිංහ මහතා පවසයි.

විවාහ ගිවිස ගත් යුවළක්  ශ්‍රී දළදා මාලිගාව තුළ පූර්ව මංගල ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ, ප්‍රදීප් නිලංග දෑල මහතා මේව විට පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

එසේම, සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැනගත් වහාම ඒ පිළිබඳව පොලිසියට දැනුම් දුන් බවත්,  පොලිස් පරීක්ෂණවලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටී.

දළදා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අබරාව ඇතුළු ස්ථාන ගණනාවක මෙම යුවළ ඡායාරූපවලට පෙනී සිට ඇත.

කෙසේවුවද, මේ අතර එසේ දළදා මාලිගාව තුළ ඡායාරූප ගත් අදාළ යුවලට නීතිය ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ ඔවුන් ඡායාරූප ගැනීමේදී භාවිත කරන ලද ආලෝක ධාරා මගින් සිතුවම්වලට හානි සිදුව ඇතැයි යන නිගමය මත නම් මීට පෙර හිටපු ජනපතිවරු වන ගෝඨාභය රාජපක්ෂ හා පවුල, මහින්ද රාජපක්ෂ හා පවුල ඇතුළුව දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර පෙනී සිටිමින් ගෙන ඇති ජායාරූපවලට නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි අසමින් සමාජ මාධ්‍ය අතර කතිකාවක් පැතිර තිබේ.

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved