Connect with us

පුවත්

දළදා වදින්න මහනුවරට 4ක් නොඑන ගමන් යයි

Published

on

දළදා දැක්මට හා එහි රාජකාරි සඳහා මහනුවරට පැමිණි පුද්ගලයන් සිවුදෙනකු මරණයට පත්ව ඇති බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය ඊයේ (24 ) පැවැසුවාය.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 69,70,74 හා 80 වයස්වල පසුවන සිවු දෙනෙකි. 

ඔවුන් සියලු දෙනා වසස අවුරුදු 65 ඉක්මවූ අය බවත් එක් අයකුගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇතැයි අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

අනෙක් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් ශරීර කොටස් රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පියවර ගෙන තිබිණි. 

මේ අතර විවිධ රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගෙවුණු දින හතක කාලයේදී පුද්ගලයන් 300ක් පමණ මහනුවර ජාතික රෝහලට ඇතුළත්ව ඇත.

ඔවුන් බොහෝ දෙනෙක් විජලනය හේතුවෙන් ක්ලාන්ත තත්ත්වයට පත්ව රෝහල ගතකර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිතව ද සෞඛ්‍ය මධ්‍යස්ථන 09ක් ක්‍රියාත්මක අතර, එවායින් පසුගිය දින කිහිපයේ දී 3000කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබාගෙන තිබේ.

මේ අතර දළදා වන්දනාවට පැමිණ සිටිය දී රෝගී වන පුද්ගලයන් රෝහල් ගත කිරීම සඳහා සුවසැරිය ගිලන් රථ 07ක් යොදවා තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල පැවැසීය.

පුවත්

දේශබන්දුට මාතරින් නියෝගයක්

Published

on

By

මාතර වැලිගම W15 හෝටලයට ⁣අසල වෙඩි තැබීමේ නඩුවට අදාලව අප්‍රේල් 10වන දා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය දී තිබූ නියෝග කඩකරීම හරහා දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇති බවට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) සඳහන් කළේය.

මුල් අවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුපැවරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව සිව්වන සමාලෝචනයට අදාළව IMF සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.

ඒ අනුව මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යයන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවන බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලැබෙන මුදල ඩොලර් මිලියන 1,722 ක් දක්වා ඉහළ යනු ඇත.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාව 27 වැනිදායින් අවසන් (වීඩියෝ )

Published

on

By

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දියවඩන නිලමේවරයා අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියේය.

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට පසුගිය 18 වනදා උදාවුණි.

ඒ, 16 වසරකට පසුවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved