පුවත්

ද්විත්ව පුරවැසිභාවය 58,304කට දීලා

Published

on

2015 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ දී පුද්ගලයන් 58,304කට මෙරට ද්විත්ව පුරවැසි භාවය ලබා දී තිබේ. 

එම කාලයේ දී ද්විත්ව පුරවැසි භාවය ලබාගැනීම සඳහා අයැදුම් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 63,917කි. 

2015 වසරේ දී ඒ සඳහා ඉල්ලුම් කර තිබෙන සංඛ්‍යාව 17,126ක් වන අතර පුරවැසිභාවය ලබා දී තිබෙන සංඛ්‍යාව 16,184කි. 

2016දී ද්විත්ව පුරවැසි භාවය 14,802ක් අයැදුම් කර තිබේ. 

ඒ අතරින් 13,933 දෙනකුට ද්විත්ව පුරවැසිභාවය ලබා දී ඇත. 

අයැදුම්පත් 9,549ක් 2017 වසරේ දී ද 9,750ක් 2018 වසරේ දී ද ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව 2017 දී 8,881කට සහ 2018 දී 8,747කට ලබා දී ඇත.

2019 වසරේ අයැදුම්පත් සංඛ්‍යාව 8,702ක් වන අතර ලබා දී ඇති සංඛ්‍යාව 7,405කි. 

එමෙන්ම 2020 වසරේ අයැදුම්කරුවන් 3,988ක් සිටි අතර 3,154කට ලබා දී ඇත. 

මේ බව අනාවරණය වූයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ගයන්ත කරුණාතිලක යොමුකළ ප්‍රශ්නයකට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) දුන් පිළිතුරකිනි.

Trending

Exit mobile version