වත්මන් පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් සිටින්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා ක්‍රියාමාර්ග ගත නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වාදෙන්නේ ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන අදාළ තීන්දුව ලබාදෙන්නේ නම් ඒ අනුව තමා කටයුතු කරන බවයි.
පුවත්පතකට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබිණි.