Connect with us

පුවත්

දැඩි ආරක්ෂාවක් මැද හරක් කටා අදත් උසාවියට

Published

on

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන අයට විරුද්ධව මාතර මහාධිකරණයේ විභාග වන නඩුවට පෙනි සිටිම සඳහා රැදවුම් නියෝග මත රඳවා සිටින ඔහු අද (23) දිනයේ දැඩි ආරක්ෂාව යටතේ අධිකරණ සංකීරණයට රැගෙන ආවේය.

2018 වර්ෂයේදි වැලිගම පොලිස් වසමේ දී මනුෂ ඝාතනයක් සිදුකිරීමට තැත්කිරිමේ චෝදනාව මත මෙම නඩුව මාතර මහාධිකරණයේ විභාග වන අතර, මාතර මහාධිකරණ විනිසුරු එම්.ආර්.අමරසිංහ මහතා ඉදිරියේදී නඩුව විභාගයට ගන්නා ලදී.

සාක්ෂි විමසීමෙන් අනතුරුව ජූනි මස 02 වන දින දක්වා කල්තැබීය.

පුවත්

නුවරඑළියේ බස් රථයක් පෙරළී අනතුරක්

Published

on

By

නුවරඑළිය – මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ අනතුරක් සිදුව ඇත. 

පොලීසිය සඳහන් කළේ, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගයින් 54 දෙනෙකු ගමන්කර ඇති බවය.

ඉන් රියදුරු හා කොන්දොස්තර ඇතුළු පිරිමි පුද්ගලයින් 03ක් හා කාන්තාවන් 20 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇත.

මෙම බස් රථයේ ගමන්ගත් පිරිස විනෝද චාරිකාවක් සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශයට ගොස්, නැවත ආපසු යමින් සිටයදී මෙම අනතුරට මුහුණපා තිබේ.

ඔවුන් කුරුණෑගල, කිරිවවුල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටත් අනාවරණය වී ඇත. 

නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Continue Reading

පුවත්

ලුණු ආනයනයට 117 දෙනෙක් සූදානම්

Published

on

By

ලුණු ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් 117 දෙනකු අයැදුම්කර තිබේ.

ඔවුන් මෙරටට ලුණු මෙට්‍රික් ටොන් 150,000 ක් පමණ ආනයනය කරනු ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි. මෙරට දෛනික ලුණු අවශ්‍යතාව කර්මාන්ත අංශය ඇතුළුව මෙට්‍රික් ටොන් 500 ක් වේ. මාසික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 15,000 කි.

පෞද්ගලික අංශය ආනයනය කරන ලුණු තොග පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්වීමක් සිදු කරන්නේය.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද අයඩීනකරණය කරන ලද ලුණු තොග එරටින් නිකුත් කරන ලද පරීක්ෂණ වාර්තා මත පදනම්ව කඩිනමින් මුදාහැරීමට කටයුතු කරමින් සිටින බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී. බී. ආනන්ද ජයලාල් පැවැසීය. මුලින්ම නිදහස් කරනු ලබන්නේ අයඩීනකරණය කරන ලද ලුණු තොග බව ද ඔහු කීවේය.

අයඩීනකරණය කරන ලද සහ නොකරන ලද ලුණු ආනයනය සඳහා කැබිනට් මණ්ඩලය පසුගියදා අවසරය ලබාදුන්නද, අයඩීනකරණය නොකරන ලුණු ආනයනයට අදාළව මෙරට සෞඛ්‍ය අංශ මෙතෙක් අනුමැතිය ලබාදී නැතැයි පැවැසේ. අයඩීනකරණය නොකරන ලද ලුණු මෙරටට ආනයනය කර ඒවා අයඩීනකරණය කිරීමේ පහසුකම් ඔවුන්ට ඇත්දැයි සොයා බැලීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ වසරේ මෙට්‍රික් ටොන් ලක්ෂයක ලුණු අස්වැන්නක් ලංකා ලුණු සමාගම අපේක්ෂා කළද, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලබාගත හැකි අස්වැන්න මෙට්‍රික් ටොන් 60,000 ක් බවට පුරෝකථනය කර ඇත. ඒ හේතුවෙන් ලබන ජුනි මස 10 වැනිදා දක්වා කාලය තුළදී ලුණු ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවස්ථාව සලසා ඇත.

ජාතික ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 20,000 ක් ද, ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 10,000 ක් ද ආනයනය කිරීමට කටයුතු යොදා ඇත.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

දිස්ත්‍රික්ක රැසකට විටින් විට වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved