Connect with us

පුවත්

දැරියක් දූෂණය කළැයි 7ක් අත්අඩංගුවට

Published

on

15 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක සමූහ දූෂණයට ලක්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා ඇතුළුව පාසල් සිසුන් 5ක් හා තවත් දෙදෙනෙකු හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දූෂණයට ලක් වූ එම දැරියගේ දෙමාව්පියන් විසින් දැරිය සමග පොලීසියට පැමිණ සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබේ.

සමූහ දූෂණයට ලක් වූ බව කියන පාසල් දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට කටයුතු කළ බව පොලීසිය පැවසීය.

දූෂණයට ලක් වූ පාසල් සිසුවිය උපකාරක පන්තියකට සහභාගි වන බව පවසා තම පෙම්වතා බව කියන පාසල් සිසුවා හමුවීම සඳහා ගොස් තිබේ.

එම අවස්ථාවේදී සැකකාර පෙම්වතා බව කියන සිසුවා විසින් දැරිය රැගෙන ඔහුගේ මිතුරෙකු සිටින හෝමගම ප්‍රදේශයේ නිවසකට ගොස් එම නිවසේදී දැරිය දූෂණයට ලක්කර ඇත.

ඒ අනුව උදෑසන 9ත් සවස 3ත් අතර පැය හයක කාලයක් ඇතුළත තවත් නිවාස තුනකට රැගෙන ගොස් වින්දිත දැරිය සැකකාර පාසල් පෙම්වතා ඇතුළු ඔහුගේ මිතුරන් විසින් වරින්වර බරපතළ ලිංගික අපයෝජනය ලක් කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේම පාසල්වල ඉගෙනුම ලබන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.

ඔවුන්ගෙන් පාසල් සිසුන් පස්දෙනා අවුරුදු 15ත් 16ත් අතර වයස්වල සිටින අතර, අනෙක් දෙදෙනා අවුරුදු 17ත් 19ත් අතර බව පොලීසිය පවසයි.

සැකකරුවන් විසින් පාසල් දැරිය ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතය.

(අද දෙරණ)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved