Connect with us

පුවත්

දික්කසාදය ඊසි කිරීමට යයි!

Published

on

විවාහය තවදුරටත් අවශ්‍ය නොමැති පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම සිය කැමැත්ත පරිදි දික්කසාද වීමට හැකි වන අයුරින් නීති සකස් කිරීමට රජය තීරණය කර තිබේ.

විවිධ හේතූන් මත විවාහකයන්ට දික්කසාද වීමට අවශ්‍ය වුවත් වර්තමානයේ පවතින දික්කසාද නීතියේ සංකීර්ණතාවය හේතුවෙන් දික්කසාදය ලබා ගැනීමට බොහෝ අය මැළිකමක් දක්වන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටී.

දික්කසාද නීතිය කඩිනමින් සංශෝධනය කිරීමට ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබේ.

“අධිකරණයක් මගින් දික්කසාදය ලබා දීමේදී සලකා බලන ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. අනාචාරය, ද්වේෂ සහගත ලෙස අතහැර යාම සහ විවාහ වන අවස්ථාවේදී ලිංගික බෙලහීනත්වය එම කරුණු තුනයි. විශේෂයෙන් මෙහිදී අනාචාරය වැනි දෙයක් අධිකරණය හමුවේ ඔප්පු කිරීමට යෑමේදී ඇතැම් අවස්ථාවලදී දීර්ඝ කාලයක් ගත වෙනවා. දැනට පවතින නීතියට අනුව දික්කසාද වීම ඉතා සංකීර්ණ සහ කාලය ගත වන ක්‍රියාවලියක් වන හෙයින්, දික්කසාද නීතිය සංශෝධනය කරනවා’’ යැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේය.

‘‘දික්කසාද නීතියේ සංශෝධනයට අනුව විවාහක දෙපළට දෙන්නට දෙන්නා අවශ්‍ය නැතිනම් හෝ දාලා ගියා නම් ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට හැකි වෙනවා. එමෙන්ම දෙපාර්ශ්වයේම විවිධ සබඳතා නොගැළපීම්, පිළිබඳවද මෙහිදී සලකා බලනවා. නොයෙකුත් හේතූන් මත දික්කසාද වීමට අවශ්‍ය විවාහකයන්ට සිය කැමැත්තෙන් දික්කසාද ලබා ගැනීමට හැකි වන අයුරින් නීති සකස් කරනවා’‘ යැයිද අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේය.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved