පුවත්

දිගාමඩුල්ලේ හිටපු මන්ත්‍රී රිය අනතුරකින් මරුට

Published

on

දිගාමඩුල්ල හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන පී.එච්.පියසේන මහතා අද (17) උදෑසන සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව අක්කරපත්තුව පොලිසිය පවසයි.

පොතුවිල් අක්කරපත්තුව මාර්ගයේ යතුරු පැදියකින් කුඹුරට ගොස් එමින් සිටියදී පොතුවිල දෙසින් එකම දිසාවට ගමන් කල බස් රථයක ගැටී මෙම රිය අනතුර සිදුව ඇති අතර, තුවාල ලැබූ පියසේන මහතා අක්කරේපත්තුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර ලබා දීම සඳහා කල්මුණ රෝහලට ගෙන ගොස් තිබේ.

බසයේ රියැදුරා සමඟ එම බසයද පොලිසිය භාරයට ගෙන ඇති බව අක්කරපත්තුව පොලීසිය පවසයි.

2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී  පි.එචි.පියසේන මහතා දෙමළ ජාතික සංධානයෙන් තරඟ කොට මන්ත්‍රීවරයෙක් ලෙස පත්ව එවකට පැවති රජයට සහය දුන් දී තිබුණි. පියසේන මහතා ගේ සමාජ සේවා කටයුතු හේතුවෙන් ඔහුට එම ප්‍රදේශයේ ජනප්‍රියත්වයක් හිමිවිය.

Trending

Exit mobile version