දීර්ඝ සතිඅන්ත සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයක් හෙට (22) සිට ආරම්භ වේ.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්,මහනුවර සිට බදුල්ල දක්වාත් මෙම විශේෂ දුම්රිය ධාවනය සිදු කෙරෙන බව දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ මහතා කියා සිටියි.
එමෙන්ම කන්කසන්තුරය හා අනුරාධපුරය දක්වා ගමන් කරන මගීන් සඳහාත් විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.