පුවත්

දියණියගේ පහර කෑ බීමත් පියා රෝහලේදී මියයයි

Published

on

සිය දියණියගේ පහර කෑමට ලක් වූ පියකු බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටියදී මියගොස් ඇති බව කලවංචිකුඩි පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කලවංචිකුඩි පොලිස් බල ප්‍රදේශයේ කළුදාවලී ප්‍රදේශයේ පදිංචි හැට එක් හැවිරිදි අයෙකි.

මෙම පුද්ගලයා බීමත්ව නිවසට පැමිණ ඇති අතර එහිදී සිය දියණිය සමග ඇති වූ ආරවුලකදී දියණිය විසින් පොල්ලකින් පහර දී තිබේ.

අත්අඩංගුවට ගත් තිස්හත් හැවිරිදි දියණිය අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.  

Trending

Exit mobile version