පුවත්

දිල්හානි ලේකම්ගේ අද ඔලිම්පික් තරග බිමට

Published

on

පැරිස් ඔලිම්පික් උළෙලේ මීළඟ ලාංකීය බලාපොරොත්තුව, හෙල්ල විසිකිරීමේ ශූරී නදීශා දිල්හානි ලේකම්ගේ අද (07) කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික ඉසව්ව සඳහා තරග බිමට පිවිසේ.

‘ඒ’ කාණ්ඩය යටතේ ඇය සහභාගී වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.55ට (ප්‍රංශ වේලාවෙන් පෙරවරු 10.25) ආරම්භ වනු ඇත.

ලෝක හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකාවන් අතුරින් 25 වැනි ස්ථානයේ පසුවන දිල්හානි ලේකම්ගේ, පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කරන අවසන් ලාංකීය ක්‍රීඩිකාවයි.

37 හැවිරිදි ඇය මෙවර ඔලිම්පික් නියෝජනය කළ, සමස්ත කණ්ඩායමේ නායිකාව ලෙසත් වයස්ගතම ලාංකීය ක්‍රීඩිකාව ලෙසත් ඉතිහාසයට එක් වේ.

2022 වසරේ පැවැති ආසියානු ක්‍රීඩා උළලෙහි ඇය රිදී පදක්කමක් ද, ආසියානු මලල ක්‍රීඩා උළලෙහි ඇය රීදී සහ ලෝකඩ පදක්කම් දිනා තිබීමත් විශේෂත්වයකි.

Trending

Exit mobile version