මෙවර මහ මැතිවරණයට තරග නොකිරීම සම්බන්ධයෙන් යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
සර්වජන බලය පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගම්පහින් ඡන්දය ඉල්ලීම අවංක මහජන නියෝජිතයෙක් වීම සඳහා සිදු කළ දෙයක් නොවන බවත් ඡන්ද මිලදී ගැනීමේ අදහසින් කළ දෙයක් බවත් ඔහු පවසයි.
ගෙවිඳු කුමාරතුංග මහතා අදාළ නිවේදනය මඟින් තවදුරටත් අවධාරණය කර ඇත්තේ ජනාධිපතිවරණයේ අවසානයත් සමඟ දිලිත්ගේ ක්‍රියාකාරීත්වයෙහි ප්‍රතිපත්ති විරහිතභාවයක් දක්නට ලැබුණු බවය.
“මම ජනාධිපතිවරණයේ අවසානයත් සමඟ දිලිත්ගේ ක්‍රියාකාරීත්වයෙහි දක්නට ලැබුණු ප්‍රතිපත්ති විරහිතභාවය ප්‍රශ්න කළා.
දහම් සිරිසේන ගැනීමට මම එරෙහි වූ බවට පුවත් පත් ඕපාදූප ආදියෙහි වාර්තා වුයේ මෙම ප්‍රශ්න කිරීමයි
දහම් ආවේ මෛත්‍රී සමඟ ඒ විතරක්ද සිරිසේනලාට පොළොන්නරුවේ නායකත්වය දීමට රොෂාන් රණසිංහව කළුතරට යොමු කළා.
දහම්ව ගත්තත් ඔහුට රොෂාන්ගේ නායකත්වය යටතේ තරග කිරීමට කිව යුතු නැද්ද
දිලිත්ලාගේ පක්ෂයේ අනුරාධපුර නායකයා හා ගැටුමක් නිසා චන්න ජනාධිපතිවරණයේදී වැඩ කළේ නැහැ
මහ මැතිවරණයේදී චන්න දිලිත්ගේ පක්ෂයටම එකතු වුණා එතකොට චන්න අනුරාධපුරයට නායකත්වය දිය යුතු නැද්ද
ඒ වෙනුවට ව්‍යාපාරික මිතුරාට අනුරාධපුරයේදී චන්නව ගම්පහට දැම්මා ඊළඟට ගම්පහින් පොහොට්ටුවේ මන්ත්‍රී මිලානවත් ගත්තා ඇයි දිලිත් ගම්පහින් ඉල්ලන්න හිතාගෙන ප්‍රාදේශීය දේශපාලනඥයන් හා සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට විය යුතුයි