පුවත්

දිලිත්ගේ අපේක්ෂකෙගේ පාටියේ කෑම පොලීසිය භාරයට

Published

on

සර්වජන බලය සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස කටයුතු කරන උපකාරක පංති ගුරුවරයකු විසින් හෝමාගම කටුවාන ප්‍රදේශයේ හෝටලයක ඊයේ (24) රාත්‍රි සංවිධානය කර තිබූ ගුරුවරුන් ගේ සුහද හමුවකට සහභාගී වූ පිරිසකට ලබා දීමට සූදානම් කර තිබූ ආහාරපාන තොගයක් තම භාරයට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

රුපියල් එක් ලක්ෂ විසි දෙදහකට ආසන්න වටිනාකමක් සහිත ආහාර ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙන බව පැවසේ.

ලද පැමිණිල්ලක් මත පොලිස් නිළධාරීන් පිරිසක් එම හෝටලයට ගොස් අදාල මෙලෙස ආහාර ලබා දීම නවතා එම ආහාර පොලිස් භාරයට ගෙන තිබේ.

Trending

Exit mobile version