Connect with us

පුවත්

දිලිත් ගාවට ගිය රොෂාන් රණසිංහ

Published

on

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබේ.

පසුව ඔහුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කළ බව වාර්තා වේ.

හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මව්බිම ජනතා පක්ෂයේ උපසභාපතිවරයා ලෙස අද (02) සිය පත්වීම ලබා ගෙන තිබේ.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ද මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබෙන බව සඳහන්ය.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂයේ සංවිධායකවරයා ලෙස පත්කර තිබේ.

දිලිත් සමඟ එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යනු නඩු ගණනාවක හිමිකරුවෙකි.

ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව 2022 මැයි 17 වැනිදා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මීට අමතරව 2012 වසරේදී දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටියදී ගල් කොරියක බලපත්‍රයක් ලබාදීම සඳහා, රුපියල් ලක්ෂ 7ක අල්ලස් මුදලක් ලබාගත් බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් 2023 වසරේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මිලාන් ජයතිලකට සහ එවක එහි සභිකයෙක් වූ අජිත් සිසිර කුමාර යන අයට කොළඹ මහාධිකරණයේ නඩු පවරන ලදී.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved