විදේශ රැකියා කාර්යාංශයේ කෝටි ගණන් මුදල් වංචා කරන බවට සිවිල් බුද්ධි පෙරමුණ චෝදනා කරයි.
මාධ්‍ය හමුවක් කැදවමින් එහි කැඳවුම්කරු සංජය මහවත්ත මහතා ප්‍රකාශ කලේ ‘රනිල්ගේ ගෝලයෝ .. මනුෂගේ ගෝලයෝ.. විදේශ රැකියා කාර්ය අංශයේ කෝටි ගණන් මුදල් වංචා කල බවය.
එමෙන්ම සිදු වූ කෝටි ගණනක මූල්‍ය වංචා කෝප් කමිටු විසින් අල්ලස් දූෂණ විමර්ශන ඒකකටයත් යවා ඇති අතර මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් රැසක්ම තවමත් සේවයේ සිටින බවත් ඔවුන් චෝදනා කරයි.
වර්තමාන ආණ්ඩුව මෙම හොරු ගැන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද සිවිල් බුද්ධි පෙරමුණ මාධ්‍ය හමුවේ පෙන්වා දෙයි.
එහි කැදවුම්කරු සංජය මහවත්ත මහතා,
“ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ඉදිරිපිට අපි විරෝධතා දැක්වූවා.. විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල්,තරුණ සහෝදරවරුන්ගේ මුදල් මංකොල්ල කාලා තියෙනවා.
කෝටි දෙසියකට වැඩිය වංචාවක් මේ සිදු කරල තියෙන බව කෝප් කමිටු වාර්තාවල තියෙනවා. පහුගිය ආණ්ඩුවේ හෙන් චයියෝ ටික ඉවත් කරන්න.
රටේ ඒජන්සිකාරයන්ටත් රිදිලා තියෙනවා.ජනාධිපතිතුමන්ට අපි කියනවා, ජනාධිපති තුමණි ඔබතුමාගේ පෑන් පහර එළියට දාන්න. පෑන් පහර ගහන්න විදේශ සේවා එකට. එහෙම නැත්තන් ඔබතුමාගේ ආණ්ඩුවට මිනීපෙට්ටියට පළමු ඇණය ගහන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉන්න සභාපතිවරයා.
මේතරම් මංකොල්ලා කාලා තියෙද්දි, මේ තරම් හොරකම් කරලා තියෙද්දි. මේ හොරු පන්නන්න ආපු ආණ්ඩුවට මේ මහ හොරුන්ව පන්නගන්න බැරිනම් මොකක්ද තියෙන කතාව?
අපි මාතර කට්ටඬියෝ බුක් කරලා තියෙන්නේ.. අපි දුම්මල ගහලා පන්නනවා.. අපි සිවිල් සංවිධාන දුම්මල වරම අතට ගන්නවා..
කොරියා යන තරුණයන්ගේ 50000 ක ගානේ ගහලා තියෙනවා.
කට්ටඩියෝ ටික දුම්මලත් අරගෙන මාතරින් එනවා..”