දිවයින පුරා සිටින වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (11) දිනයේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
වෛද්‍යවරුන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් රජය විසඳුම් ලබානොදීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාව පවත්වන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.
මේ අතර ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන ඒම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුනොකිරීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාවට පැමිණිලි කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා පවසයි.