Connect with us

පුවත්

දිවැස ෆාමා NMRAඑකේ ලියාපදිංචි බව නිවේදනය කරයි

Published

on

තම සමාගම සිය අනන්‍යතාව යටතේ  ඖෂධ හා රෝග විනිශ්චය කිරීමේ මෙවලම් අපනයනය හා බෙදා හැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන්  වලංගු බලපත්‍රයක්  ගත් සාමාජික සමාගමක් බව දිවැස ෆාමා සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

දිවැස ෆාමා සමාගම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී එල්ල කරන ලද චෝදනාවන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලිට අදාළ නිවේදනය නිකුත් කර ඇත.

එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වෙයි.

2018 අගෝස්තු 18 වැනිදා සිට සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් තොග වශයෙන් ඖෂධ අලෙවිය හා බෙදා හැරීම සඳහා බලපත්‍රලාභී සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති අතර එය අද දක්වා අඛණ්ඩව යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව දිවැස ෆාමා සමාගම කොවිඩ් -19 සඳහා PCR සහ රැපිඩ් ඇන්ටිජන් (RAT) කට්ටල ඇතුළු ජෝර්ජ් සුටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමෙන් (GSH) ආනයනය කරන ලද නිෂ්පාදන කීපයක් සඳහා දේශීය බලයලත් බෙදාහරින්නකු බවට පත් විය. දිවැස ෆාමා සමාගම විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් නියම කරන ලද එක් පරීක්ෂණයක් සඳහා වූ මිල නියමයන්ට අනුව එම මිලටම හෝ ඊට අඩු මිලකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ යටතේ රාජ්‍ය හා පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතනවලට PCR සහ RAT කට්ටල නීත්‍යානුකූලව අලෙවි කරනු ලැබ ඇත.

කිසිදු අවස්ථාවක දිවැස ෆාමා සමාගම ශ්‍රී ලංකාවට PCR හෝ RAT කට්ටල ආනයනය කර නොමැත.

රජයේ සෞඛ්‍ය සේවා ආයතනයන්ට අවශ්‍ය මෙවලම් සැපයීමේදී අනුගමනය කළ යුතු නීත්‍යානුකූල ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසියාකාරව පූර්ණය කිරීමෙන් අනතුරුව දිවැස ෆාමා සමාගම දේශීය බලයලත් බෙදාහරින්නකු ලෙස සිය මෙහෙයුම් කටයුතු කර ඇත. දිවැස ෆාමා සමාගම 2012 වර්ෂයේදී සංස්ථාපිත සමාගමකි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී පසුගිය බදාදා (18 වැනිදා) ප්‍රකාශ කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ සමාගමකින් ද රැපිඩ් ඇන්ටිජන් කට්ටල ගෙන ඇති බවයි.

සබැඳි පුවත්

පුවත්

ලිට්‍රෝ සේවක වර්ජනක්

Published

on

By

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදුන් බවටත් චෝදනා කරමිනි.

රජය විසින් නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බව එම සේවකයින් පවසයි.

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාගේ මන්ත්‍රී ධූරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බලන්න දින දෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Continue Reading

පුවත්

“නිස්කෝ” එක්ක අපේ සම්බන්ධයක් නැහැ – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය

Published

on

By

සී/ස ජාතික තරුණ සේවා සමූපකාරය හෙවත් නිස්කෝ (NYSCO) ආයතනයේ පාඨමාලා හා වැඩසටහන් සඳහා අනුමැතියෙන් තොරව අමාත්‍යංශ නාමය භාවිතා කිරීම සම්බන්ධයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිස්කෝ ආයතනය මඟින් පවත්වන පාඨමාලා වැඩසටහන් ප්‍රවර්ධනය හා ඒවාට අදාළව නිකුත් කරන සහතික පත්‍ර සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශ නාමය මෙන්ම රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීම් සිදුකරන බව නිරීක්ෂණය වී ඇත.

මෙම නාමය හා රාජ්‍ය ලාංඡන යොදා ගැනීම නිසි අනුමැතියකින් තොරව සිදුවන අතර මේ පිළිබඳ විමර්ශනය වෙනුවෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් කමිටුවක් ද පත් කර තිබේ.

අදාළ නිවේදනය ඔස්සේ අමාත්‍යංශය විසින් වැඩිදුරටත් දන්වා සිටින්නේ නිස්කෝ ආයතනය සිය අමාත්‍යංශ නාමය හා රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් සිදුකරනු ලබන මෙම පාඨමාලා/ වැඩසටහන් හා ප්‍රවර්ධන සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved