Connect with us

පුවත්

දිස්ත්‍රික්ක හතරක නාය යෑමේ අනතුරු ඇඟවීම්

Published

on

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත්  පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ  අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ වරකාපොල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ  අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කරනු ලැබීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව සහ නාරමම්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ , ඉඹුල්පේ සහ ඕපනායක යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා  පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය අද (19) වනදා රාත්‍රී 9.30 දක්වා බල පැවැත්වෙනු ඇත.

පළමු මට්ටමේ නාය යෑමේ අවදානම් නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවලට පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ සහ දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශයලට පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් වැස්ස තව දුරටත් පවතී නම් අවධානයෙන් සිට ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස්  කර ගන්නා  ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි.

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved