Connect with us

පුවත්

දිස්ත්‍රික්ක 11ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

Published

on

දිස්ත්‍රික්ක 11ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි.

අදාළ පත්‍රිකා මේ වන විට මැතිවරණ කොමිසමට භාර දුන් බවයි වාර්තා වේ

එමෙන්ම , සෙසු දිස්ත්‍රික්කවලද නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණයද මේ වන විට සිදු කරමින් පවතී.

මෙවර පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා­හැ­රීම පසුගියදා (27) ආරම්භ කෙරුණි

නොවැම්බර් 07 වැනිදායින් පසු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැ­බුණ අයෙක් ඇත්නම් ළඟම පිහිටි තැපැල් කාර්යා­ල­යෙන් ලබා­ගත හැකි බව ද මැති­ව­රණ කොමි­සමේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා සඳ­හන් කලේය.

මේ අතර,  මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ විය.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවය.

අද දිනයට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර් මස 4 වන දින ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ

පුවත්

වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

Published

on

By

වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පවසන්නේ, වෙසක් සමයේදී බහුලව භාවිතා වන අටපිරිකර, ආගමික පූජා, හඳුන්කූරු, අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ වැනි දෑ සහ ඒවා විකුණන වෙළෙන්ඳන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

මිත්‍රත්ව සංගමේ ලොකු පුටුව නලින්දට

Published

on

By

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේදීය.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා එම සංගමයේ ලේකම් ධූරයට පත්වී තිබේ.

Continue Reading

පුවත්

සිරිපා වන්දනා සමය අදින් අවසන්

Published

on

By

අද දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වේ.

ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved