ලබන ජනවාරි මස පළමුවැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 54 දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති අතර වාර්ෂික ස්ථාන මාරු වීම් යටතේ සේවා අවශ්‍යතා මත එම මාරුවීම් ලබා දී ඇත.
කඩුවෙල, පූගොඩ, මාරවිල, කළුතර, මාතලේ, ඇල්පිටිය, මොනරාගල, පුත්තලම, කිලිනොච්චිය සහ අනුරාධපුර අධිකරණවල දිසා විනිසුරුවරුන්ට ස්ථාන මාරුවීම් හිමි වී ඇති අතර හෝමාගම, මීගමුව, බණ්ඩාරවෙල, නුවරඑළිය, මඩකලපුව, කෑගල්ල, ඇල්පිටිය, බලපිටිය, මැදවච්චිය, නොච්චියාගම, නාඋල, ආණමඩුව, අඟුණකොළපැලැස්ස සහ කහටගස්දිගිලිය අධිකරණවල මහේස්ත්‍රාත්වරුන්ට ද මෙවර ස්ථාන මාරුවීම් හිමි ව ඇති බව සඳහන් වේ.